Wednesday, November 9, 2011

අම්මා සඳකි - ටී.එම්.ජයරත්න

දවසෙ සුභාවිත ගීතය
-ඉදිරිපත් කිරිම ලකිඳු අෂාන් පීරිස්

අද මම ඉදිරිපත් කරන්නෙ ටී.එම් .ජයරත්න විසින් ගායනා කරන ඔහුගේ බිරිඳ වන මාලිනි ජයරත්න රචනා කරන ලද රෝහණ වීරසිංහගේ අමයුරු සංගීතයෙන් හැඩ වු ගීතයක්.මෙහි මුල් පද පේලිය දුටු විටම මෙය මව් ගුණ ගීතයක් ලෙස වැරදි වැටහීමකට පත් වෙන්න පුලුවන්.තව දුරටත් ගීතය ඉදිරියට අසන විට මෙය පිය ගුණ ගීතයක් ලෙස සිතන්නට පුලුවන්.ඔබෙ එසේ සිතුවානම් ඔබෙ නිගමන දෙකම සාවද්‍යයි.සැබවින්ම මෙම ගීතය තුලෙන් විශද වන්නෙ පියෙකුගෙ භාව ප්‍රකාශයකි.නැතහොත් පියෙකුගෙ චිත්ත සන්තානයේ උපදින හැඟිම් ප්‍රකාශනයක් ලෙස දැක්විය හැකියි.මෙම පියෙකුගේ සිතේ උපදින භාවයන් මවක් විසින් තෙලි තුඩට හසු කර ගැනිම මෙම ගීතය තුල ඇති තවත් විශේෂත්වයකි.

අම්මා සඳකි
මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳින් ඔබෙ ලෝකය එළිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි
පිය සෙනෙහසට කවි ගී ලිය වුනා මදි

සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයෙ නොදැරුවත් දිවිබර මට දැනුනි
මහ මෙරකට උසයි දරු පෙම හඳ පතුලෙ
පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුනේ

මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නෙ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නෙ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ.

ගායනය-ටී.එම්.ජයරත්න
පද රචනය-මාලිනි ජයරත්න
තනුව-රෝහණ වීරසිංහ

මෙහි රචකයා පලමුව උපමා රූපක ඔස්සේ පිය සෙනෙහස විස්තර කරන අයුරු විශිෂ්ටයි.මෙහි මව සඳටද පියා හිරුටද දු දරුවන් ලෝකයටද උපමා කර ඇත.සැබැවින්ම සඳට ආලෝකය ලබාදෙන්නෙ හිරුය.නමුත් ලෝකයට දෘෂ්‍යමාන වන්නේ සඳුගේ ආලෝකය පමණි.එනම් පිය සෙනෙහස බොහො විට ගුප්ත,අදෘෂ්‍යමාන සෙනෙහසකි.දරුවන්ට දිස් වන්නේ මවගේ විවෘත වු සෙනෙහස පමණි.කෙසේ වුවත් ලෝකයෙ නැතිනම් දරුවන්ගේ පැවැත්මට හිරු සඳු දෙකේම සුසංයෝගය අත්‍යවශ්‍යය.
අම්මා සඳකි
මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳින් ඔබෙ ලෝකය එළිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි
පිය සෙනෙහසට කවි ගී ලිය වුනා මදි

මෙයින් පියාගේ භාවයන් උද්දීපනය වේ.මෙහි ඔහු දරුවාගෙන් අසන පැනය මෙයයි.දසමසක් කුස තුල නොදැරුවත් දරුවන්ගේ අනාගත්ය සාක්ෂාත් කීරිම අරඹයා දිවි බර කරට ගන්නෙ පියායි.දරුවන්ගේ රුධිරගත සහසම්බන්ධය පවතින්නේ පියාටයි.
සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයෙ නොදැරුවත් දිවිබර මට දැනුනි
මහ මෙරකට උසයි දරු පෙම හඳ පතුලෙ
පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුනේ

අවසානය පිය හැඟිම් වල උත්කෘෂ්ටම අවස්ථාවට එළඹේ.ඔහු මුලු සමාජ සංහතියෙන්ම පැනයක් අසයි.දරුවා ඉපදුන දා සිටම මවගේ පිටුපසින් ගොඩනැගුණු අද්වීතිය සෙවනැල්ල පියායි.නමුත් බොහො විට දරුවන්ට ගොචර වනුයේ මවගේ සෙනෙහස පමණි.ඔහු සමස්ථ සමාජයටම නගන පැනය මෙයයි.
මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නෙ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නෙ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ.

No comments:

Post a Comment