Sunday, November 6, 2011

සිකුරුලියා - ජේ.ඒ.මිල්ටන් පෙරේරා

දවසෙ සුභාවිත ගීතය...
~ඉදිරිපත් කිරීම ලකිඳු අෂාන් පීරිස්~



අද මම ඔබලාට ඉදිරිපත් කරන්නට සැරසෙන්නෙ 1975 වසරේ තිරගත වු මැද මාවතේ අධ්‍යක්ෂකවරයා ලෙස ප්‍රකට එච්.ඩී.ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කල සිකුරුලියා චිත්‍රපටියෙ අඩංගු වු ගීතයක්.මෙම මා දකින ප්‍රධානම විශේෂත්වය වන්නෙ ක්ලැරන්ස් විජෙවර්ධනගේ තනුවයි.කණ්ඩායම් සංගීතයට සම්බන්ධ වී සිටි නිසා ඔහු අතින් නිමවු බොහෝ තනු 6.8 හෙවත් වේග රිද්මයෙ තනු වුවත් මෙම තනුව ඒවාට බොහො වෙනස් ආකෘතියක් තුල ගොඩනැගි ඇත.අග්‍රගන්‍ය කලාවේදි ධර්මසිරි ගමගේ මහතාගේ පද රචනය හා මිල්ටන් පෙරේරාගේ ශෝකාකූල කටහඬ මෙම ගීතයට අමුතුම රසයක් ගෙනදෙන බව නොරහසකි.

කොමල ලියා බොලඳ ලියා මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා

ගත සීතල පහස ලබා
ලැම රන්වන් සුවඳ සොබා
මුව මී රොන් ලැබුව මෙමා
සිකුරුලියා
මාව දමා යන්න ගියා

නෙත ඇඳි රුව ඔබය සුදු
අද ඒ නෙත කඳුලු බිඳු
ආදරයෙන් ඔබව හැදු සිකුරු ලියා
මාව දමා යන්න ගියා සිකුරු ලියා

ආදරයෙන් ඔබ හින්දා
මා මනසෙන් දුක් වින්ඳා
පාලුව ලඟ මා රන්දා
සිකුරුලියා
මාව දමා යන්න ගියා
සිකුරුලියා

ගායනය-ජේ.ඒ.මිල්ටන් පෙරේරා
පද රචනය-ධර්මසිරි ගමගේ
තනුව-ක්ලැරන්ස් විජේවර්ධන

උම්මග්ග ජාතකයේ එක් කතාවක ලකුණ්ටකයෙක් රූමත් කාන්තාවකට කල ආදරයක් පිලිබද දැක්වේ.චිත්‍රපටිය දිවෙන්න එම තේමාව තුලයි.
මෙම ගීතය තුලද රචකයා ජනිත කරන්නේ ලකුණ්ටකයා එම තරුනියට සිතින් කරන ආදරය පිලිබදවයි.
මුල් පද පේලි තුලින් ඔහුගෙ චිත්ත සන්තානයේ නැගෙන වියෝගය හෙවත් විප්‍රලම්භ ශෘංගාරය විශද කරයි.

කොමල ලියා බොලඳ ලියා මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා


දෙවැනි පද පේලි තුලින් තරුණයා ඇය සමඟ ඇසුරක් පැවත්වු බව නීරුපණය කරත් චිත්‍රපටියට අනුව මෙය ඔහුගෙ සිතේ හට ගන්නා වු චිත්ත රුපයක් හෙවත් මවා ගැනිමක් පමණයි.

ගත සීතල පහස ලබා
ලැම රන්වන් සුවඳ සොබා
මුව මී රොන් ලැබුව මෙමා
සිකුරුලියා
මාව දමා යන්න ගියා

තුන්වන පේලි තුලින් ඔහුට තරුණිය කෙරෙහි පවතින බලවත් අවශ්‍යතාවය හ ආදරය පෙන්නුම් කරයි. අවසානේදි ඔහු ඇය වෙනුවෙන් විදි වේදනාව ඔස්සේ වියොගය තිව්‍ර කරයි.

ආදරයෙන් ඔබ හින්දා
මා මනසෙන් දුක් වින්ඳා
පාලුව ලඟ මා රන්දා
සිකුරුලියා
මාව දමා යන්න ගියා
සිකුරුලියා

මෙම ගීතයේ පවතින විශේෂත්වය වනුයේ චිත්‍රපටියේ තෙමාවට මනාව උචිත වන ලෙස නිමවා තිබිමත් චිත්‍රපටියෙන් පරිබාහිරව විශිෂ්ට විරහ ගීයක් ලෙස ආඝ්‍රගණ්‍ය කල හැකි වීමත්ය.

No comments:

Post a Comment