Sunday, November 6, 2011

දිය පොදක් වෙමින් තොල් වියැලෙන් පිපාසෙට- එච්.ආර්.ජෝතිපාල

~දවසේ සුභාවිත ගීතය~
-ඉදිරිපත් කිරිම ලකිඳු අෂාන් පීරිස්-

අද අප ඉදිරිපත් කීරිමට සැරසෙන්නෙ සිංහල සිනමාවෙ අසහාය ගායකයානන් වන එච්.ආර්.ජෝතිපාල මහතා විසින් ගායනා කරන ලද චිත්‍රපටි නොවන ගීතයක්.ඔහු විසින් ගායනා කරන ලද බොහො ගීත හිංදි තනු ඔස්සේ නිර්මාණය වුවත් මෙහි ඇති විශේෂත්වය වන්නෙ මෙම ගීතය සරත් දසනායකගෙ ස්වතන්ත්‍ර තනුවකට ගායනා කර තිබිමය.

දිය පොදක් වෙමින් තොල් වියැලෙන් පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් වුනා මල් නොපිපුන තඩාගෙට
ඔබ අගෙයි ලඳෙ හෙට අදටත් වඩා මට

අරුත් සුන් වදන් පවසන ගිරව් දොඩමළු
හෙටත් නඟපුදෙන් ඔය කිචි බිචිය සුලු සුලු
තිගැස්සි සනින් ඔබ විය යුතුද බිය ගුලු
දකින්නට ලැබේ අපටත් සිසිල අරුනළු

ඔබෙ පිය වදන් ගෙන දෙන සහන සිතුවිලි
අරන් එයි පෙරා අපමණ සුවය සැනසිලි
සුගන්ධය ලැගුම් ගෙන ඇත අවට වෙලි වෙලි
මගෙ රන්මලි කුමටද සලෙන සළුපිලි

ගායනය-එච්.ආර්.ජෝතිපාල
පද රචනය-කරුණරත්න අබේසේකර
තනුව-සරත් දසනායක

මුල් පද පේලි හතරෙන් තරුණයාගෙ නිදැල්ලෙ ගත් වෙමින් තිබු ජීවිතය තරුණිය මුණගැසිමත් සමඟම වෙනස් වු ආකාරයත් ඔහුට ඇය පිලිබඳ ඇති අපෙක්ෂාවත් විශද කරයි.
දිය පොදක් වෙමින් තොල් වියැලෙන් පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් වුනා මල් නොපිපුන තඩාගෙට
ඔබ අගෙයි ලඳෙ හෙට අදටත් වඩා මට

දෙවැනි පද පෙල රචකයා තුල පවතින ප්‍රතිභාව මැනවින් විශද කරයි.බොහො විට තරුණයා හ තරුණිය සමාජ මට්ටම් දෙකක බව පෙනේ.එම නිසා ඔවුන්ට එරෙහිව විවිධ කට කතා පැතිරෙයි.එය රචකය දක්වා ඇත්තෙ මෙසේයි.
අරුත් සුන් වදන් පවසන ගිරව් දොඩමළු
හෙටත් නඟපුදෙන් ඔය කිචි බිචිය සුලු සුලු

නමුත් එවාට බිය නොවන්නයයි තරුණය ඉල්ලා සිටින අතර ඔවුන්ට නුදුරෙදි එක් වීමට හැකි වනු ඇතයිද පවසා සිටිනවා.
තිගැස්සි සනින් ඔබ විය යුතුද බිය ගුලු
දකින්නට ලැබේ අපටත් සිසිල අරුනළු

අවසන් පද පේලි තුලින් අපෙගෙ අනුමානය නිවැරදි බව පසක් වෙනවා.එනම් තරුණිය දිලිදු කතක් වුවත් ඇයගෙ ඇසුර ඔහුට අප්‍රමාණ සැනසිල්ලක් ගෙන දෙන බවත්ය.

ඔබෙ පිය වදන් ගෙන දෙන සහන සිතුවිලි
අරන් එයි පෙරා අපමණ සුවය සැනසිලි
සුගන්ධය ලැගුම් ගෙන ඇත අවට වෙලි වෙලි
මගෙ රන්මලි කුමටද සලෙන සළුපිලි

No comments:

Post a Comment