Sunday, November 13, 2011

නිහඬ කල්පනා ~ එඩ්වඩ් ජයකොඩි

දවසේ සුභවිත ගීතය
-ඉදිරිපත් කිරිම ලකිඳු අෂාන් පීරිස්



මෙය එඩ්වඩ් ජයකොඩි ගායනා කරන තරමක වේග රිද්ම ගීතයකි.එම වේග රිද්මයෙන් සුනුල් ධර්මසේන උත්සාහ කරන්නේ තරුණයාගේ චිත්ත වේග පිලිඹිබු කිරිමට බව මට හැඟේ.එසේම හේමසිරි හල්පිටයන්ගේ ගීත වල සුවිශේෂ ලක්ෂණය වනුයේ සරළ බස් වහරයි.නමුත් එම සරළත්වය යටින් එක්තරා කතාවක් විචිත්‍රණය කිරිම ඔහුගේ බොහෝ ගීත වල දක්නට ලැබේ.එය මෙමෙ ගීත්යෙත් මනාව විශද කරයි.

නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
කරන චෝදනා මොනවදෝ කියා නොමතැවෙයි
නැඟෙන වේදනා තුරුණු මා වියෙ අපමණයි
අචල ආදරේ රැදුනේ ඔබ කෙරේ එලෙසමයි

ඉවත පාවෙලා යන්න හිතුනෙදෝ මා කෙරෙන්
වෙන අයෙක් කෙරෙ බැඳුනදෝ ඔයා ආදරෙන්
සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතින්
හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්

අසරණයි මෙමා වැරදි නැ කරේ කිසිදිනේ
ඔබෙ සිතෙ සමා දෙනු මැනේ ලඳේ පා සෙනේ
හදවතින් බිඳි වේදනා සුසුම් පාවුනේ
නැතිවදෝ අපෙ සිත් එදා ලෙසින් පාවුනේ

ගායනය-එඩ්වඩ් ජයකොඩි
පද රචනය-හේමසිරි හල්පිට
තනුව-සුනිල් ධර්මසේන

මෙම ගීතය පුරාවට දැක්වෙන්නෙ පෙම්වතා පෙම්වතියෙන් සිදු කරන ආයචනයකි.ඔවුන් අතිතයේ සමීප පෙම්වතුන් ලෙස සිට ඇත.නමුත් එය වර්තමානයේ ගිලිහෙමින් පවති.නමුත් එයට හේතුව කුමක්දයි පෙම්වතා නොදනි.ඔවුන් මල් උයනක,වෙරල කොනක අත් වැල් පටලා මුමුන මුමුන එකට ඇවිද යන්නට ඇත.නමුත් අහ එම ජීවිතය පෙම්වතාට අහිමිය.පෙම්වතිය ඔහොට විවිධ චෝදනා ඉදිරිපත් කර කල්පනා ලොව නිමග්නව මුනිවත ආරක්ෂා කරයි.

නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
කරන චෝදනා මොනවදෝ කියා නොමතැවෙයි
නැඟෙන වේදනා තුරුණු මා වියෙ අපමණයි
අචල ආදරේ රැදුනේ ඔබ කෙරේ එලෙසමයි


පෙම්වතිය වෙනයම් කිසිවෙකු සමඟ ඇසුරක පැටලිද යන්න ඔහු හරිහැටි නොදනි.ඔහු එය පෙම්වතියගෙන් විමසයි.

ඉවත පාවෙලා යන්න හිතුනෙදෝ මා කෙරෙන්
වෙන අයෙක් කෙරෙ බැඳුනදෝ ඔයා ආදරෙන්
සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතින්
හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්


මෙයින් පෙම්වතාගේ ඇති අසරණභාවය මනාව විශද කරයි.ඔහු ඇයට කිසිම වරදක් කර නොමැත.නමුත් ඔහු ඇයගෙන් සමාව ආයාචනා කරයි.අතීත සුන්දර ප්‍රේමය ආදර නටඹුමක් හෝ ස්වප්නයක් පමනක් වීමට ඉඩහැර බලා සිටිමට තරම් අද ඔහු අසරණ වී ඇත.

අසරණයි මෙමා වැරදි නැ කරේ කිසිදිනේ
ඔබෙ සිතෙ සමා දෙනු මැනේ ලඳේ පා සෙනේ
හදවතින් බිඳි වේදනා සුසුම් පාවුනේ
නැතිවදෝ අපෙ සිත් එදා ලෙසින් පාවුනේ

No comments:

Post a Comment