Thursday, November 10, 2011

සාගර ජලය මදි හිමි ගුණ ලියන්නට ~ වික්ටර් රත්නායක

දවසේ සුභාවිත ගීතය
ඉදිරිපත් කීරිම ~ලකිඳු අෂාන් පීරිස්~


අද ඉල් පුර පස පසළොස්වක පොහොය දිනයයි.එම නිසා අද දවසේ සුභාවිත ගීතය ලෙස බුදු ගුණ ගීතයක් ඉදිරිපත් කීරිමට හිතුවා.සිංහල බෞද්ධ ගීතය පිලිබඳ කතා කරන විට වික්ටර් රත්නායක-ප්‍රේමකීර්ති අල්විස් යන සුසංයෝගය කතා නොකරම බැහැ.අද ඉදිරිපත් කරන ගීතයත් එතුමන් දෙදෙනාගේ එකතුවෙන් නිම වු ගීතයක්.

සාගර ජලය මදි හිමි ගුණ ලියන්නට
අහසේ තාරකා මදි ගුණ ගනින්නට
පොළොවෙ වැලි වලින් බැ ගුණ මනින්නට
හඳටත් ඉරටවත් බැ ගුණ කියන්නට

සුලඟට බැරිය අපමන ගුණ බෙදන්නට
හඬකට බැරිය නිම් නැති ගුණ ගයන්නට
පසතුරු නදටවත් බැ ගුණ වයන්නට
දෙසවන මදිය හිමි වරුණය අසන්නට

දෙතොලට බැරියහිමි සිරිපාද දොවන්නට
පින්නට බැරිය හිමි සිරිපද තෙමන්නට
මිනිසත් භවය ලත් මට බැරි ලබන්නට
මල කර පින කවර ඔබ ලඟ මියෙන්නට


ගායනය සහ තනුව-වික්ටර් රත්නායක
පද රචනය-ප්‍රේමකීර්ති ද අල්විස්


බුද්ධ විෂය අචින්තයි.බුදු ගුණය අපිරිමිතයි.බුදු ගුණය උපමා මඟින් විස්තර කරමින් ගීත ප්‍රබන්ධනයට ප්‍රේමකීර්ති තරම් සමතෙක් මම ගීත ක්ෂේත්‍රය තුල දැක නැත.ඔහු බුදු ගුණය විස්තර කිරිමට යොදන උපමාරූපක සාකල්‍යෙන්ම ඊට ගැලපේ.මුල්පද පේලි දහයේදීම ඔහු උපමා දහයක් යොදගෙන භෞතික වස්තුන් උපමා කරගෙන බුදු ගුණය විස්තර අතිශයින්ම අසිරු කාර්යයක් බව විස්තර කරයි.
මෙම ගීතයේ අවසාන පද දෙක මෙම ගීතයේ සම්පූර්ණ සාරාංශයම කැටි කරගත් පද දෙක ලෙස පෙනි යයි.ප්‍රේමකීර්තින් ශුරින්ගේ මෙම උපමාව ඔහුගේ ගීත කිහිපයකම විවිධකාරයෙන් අඩංගු වු අයුරු මට මෙහිදි මෙනෙහි කල හැක.

සම්ඳු පාමුල පිදෙන විලසින්
නා මලක් වී මා මලත් කම් නැහැ


එසේම තවත් ගීතයක ඔහු මෙසේ සටහන් කර තිබෙනවා.මෙම ගීතයෙද ඔහුට බුදු රදුන් ඉදිරියෙ ඔහුගෙ කුදු බව නිරුපණය කීරිම ඔහුගේ අරමුණ වී තිබේ.


මලක වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබසිටින මා හට
මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිසිලස නොමැත මා හට
මලක් පෝ දා මගෙ ජීවය ඔබේ පාමුල පරවුණා වේ

No comments:

Post a Comment