~දවසේ සුභාවිත ගීතය~
-ඉදිරිපත් කිරිම ලකිඳු අෂාන් පීරිස්-
අද අප ඉදිරිපත් කීරිමට සැරසෙන්නෙ සිංහල සිනමාවෙ අසහාය ගායකයානන් වන එච්.ආර්.ජෝතිපාල මහතා විසින් ගායනා කරන ලද චිත්‍රපටි නොවන ගීතයක්.ඔහු විසින් ගායනා කරන ලද බොහො ගීත හිංදි තනු ඔස්සේ නිර්මාණය වුවත් මෙහි ඇති විශේෂත්වය වන්නෙ මෙම ගීතය සරත් දසනායකගෙ ස්වතන්ත්‍ර තනුවකට ගායනා කර තිබිමය.
දිය පොදක් වෙමින් තොල් වියැලෙන් පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් වුනා මල් නොපිපුන තඩාගෙට
ඔබ අගෙයි ලඳෙ හෙට අදටත් වඩා මට
අරුත් සුන් වදන් පවසන ගිරව් දොඩමළු
හෙටත් නඟපුදෙන් ඔය කිචි බිචිය සුලු සුලු
තිගැස්සි සනින් ඔබ විය යුතුද බිය ගුලු
දකින්නට ලැබේ අපටත් සිසිල අරුනළු
ඔබෙ පිය වදන් ගෙන දෙන සහන සිතුවිලි
අරන් එයි පෙරා අපමණ සුවය සැනසිලි
සුගන්ධය ලැගුම් ගෙන ඇත අවට වෙලි වෙලි
මගෙ රන්මලි කුමටද සලෙන සළුපිලි
ගායනය-එච්.ආර්.ජෝතිපාල
පද රචනය-කරුණරත්න අබේසේකර
තනුව-සරත් දසනායක
මුල් පද පේලි හතරෙන් තරුණයාගෙ නිදැල්ලෙ ගත් වෙමින් තිබු ජීවිතය තරුණිය මුණගැසිමත් සමඟම වෙනස් වු ආකාරයත් ඔහුට ඇය පිලිබඳ ඇති අපෙක්ෂාවත් විශද කරයි.
දිය පොදක් වෙමින් තොල් වියැලෙන් පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් වුනා මල් නොපිපුන තඩාගෙට
ඔබ අගෙයි ලඳෙ හෙට අදටත් වඩා මට
දෙවැනි පද පෙල රචකයා තුල පවතින ප්‍රතිභාව මැනවින් විශද කරයි.බොහො විට තරුණයා හ තරුණිය සමාජ මට්ටම් දෙකක බව පෙනේ.එම නිසා ඔවුන්ට එරෙහිව විවිධ කට කතා පැතිරෙයි.එය රචකය දක්වා ඇත්තෙ මෙසේයි.
අරුත් සුන් වදන් පවසන ගිරව් දොඩමළු
හෙටත් නඟපුදෙන් ඔය කිචි බිචිය සුලු සුලු
නමුත් එවාට බිය නොවන්නයයි තරුණය ඉල්ලා සිටින අතර ඔවුන්ට නුදුරෙදි එක් වීමට හැකි වනු ඇතයිද පවසා සිටිනවා.
තිගැස්සි සනින් ඔබ විය යුතුද බිය ගුලු
දකින්නට ලැබේ අපටත් සිසිල අරුනළු
අවසන් පද පේලි තුලින් අපෙගෙ අනුමානය නිවැරදි බව පසක් වෙනවා.එනම් තරුණිය දිලිදු කතක් වුවත් ඇයගෙ ඇසුර ඔහුට අප්‍රමාණ සැනසිල්ලක් ගෙන දෙන බවත්ය.
ඔබෙ පිය වදන් ගෙන දෙන සහන සිතුවිලි
අරන් එයි පෙරා අපමණ සුවය සැනසිලි
සුගන්ධය ලැගුම් ගෙන ඇත අවට වෙලි වෙලි
මගෙ රන්මලි කුමටද සලෙන සළුපිලි
Sunday, November 6, 2011
සිරි බුද්ධගයා විහාරේ -රුක්මණි දේවි සහ එච්.ඩබ්.රූපසිංහ
දවසෙ සුභාවිත ගීතය...
~ඉදිරිපත් කිරීම ලකිඳු අෂාන් පීරිස්~
අපේ මෙම වෙබ් සඟරාවෙ එක් අරමුණක් තමයි ශ්‍රි ලාංකේය සුභාවිත ගීතයෙ ප්‍රගමනයට දායක වු අප අතරින් නැසි ගිය කලාකරුවන් සිහි කැදවීම.ඒ අරමුණ ඔස්සේ අද මම ඉදිරිපත් කරන්නෙ අදින් හරියටම වසර 33කට පෙර එනම් 1977 .ඔක්.28 මෙලොවින් තුරන් වු සිංහල සිනමාවෙ නටන්න,ගයන්න සහ රඟන්න 3ටම දක්ෂ සිංහල සින්මාවෙ නිළි රැජින රුක්මණි දෙවිය ගැයු ගීතයක්.මෙය ගායනා වි ඇත්තෙ 1937 දී එච්.එම්.වී තැටියකට.මෙය ඇයගෙ පලමු ගීතය වන අතර ඇය මෙය ගායනා කර ඇත්තෙ වයස 13දී.
සිරි බුද්ධගයා විහාරේ වදිනෙමු මොක්ෂ පතලා//
ශාක්‍ය තිලෝනා වැඩ සිටි එදිනා
මරංගනන් පරදාලා
ශ්‍රී මහා බෝධි ලෙස සැදි ඒ විදු රජු ඒ මුනි රාජා//
ආ දස බිම්බර මාර සේනා පෙරුම් බලින් පරදාලා
ප්‍රාතිහාර්ය පැ දස බලධාරි
ජයබිම මේ විසාලා
ශාසන ආලෙ ඇති ලෝ වාසි
බව දුක නසනා සේ
වදිනේ ශ්‍රි මෝක්ෂ පතාලා
ගායනය-රුක්මණි දේවි සහ එච්.ඩබ්.රූපසිංහ
තනුව-එච්.ඩබ්.රූපසිංහ
මෙම ගීතය රචකයා නිශ්චිත නැ.නමුත් බොහො දුරට සී.වීරසේකරගෙ බව නිගමනය කල හැකියි.
40,50 දශකයේ රචනා සියලුම බුදු ගුන ගීත වල යම කිසි ආවේණික ලක්ෂණයක් දකින්න පුලුවන්.එය තමයි එම සැම ගීතයකටම වස්තු විෂය වන්නෙ බුදු රදුන්ගෙ මහ බල මහිමය.
නමුත් එය 60,70 දශකය වෙන විට මෙම ආකෘතිය වෙනස් වෙනවා.එය මම පසු දිනෙක නිදසුන් සමඟ දක්වන්නම්.

සමකෝණී ත්රිකෝණයකි – දයාරත්න රණතුංග
දවසෙ සුභාවිත ගීතය...
~ඉදිරිපත් කිරීම ලකිඳු අෂාන් පීරිස්~
සිංහල ගීතයෙ ගණිත ගැටලුව මෙමෙ ගීතය ලෙස හදුන්වන්න පුලුවන්.තුන් කොන් ප්රේමයක් රචකය ත්රිකෝණමිතිය උපයොගි කරගෙන වර්ණනා කර අති ආකරය අපුරුයි...
සමකෝණී ත්රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක හිටියා
නෙත් හතරක පහස ලබා
මම මේ මුල්ලේ හිටියා
ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි
දෙදෙනාටම මාත් හිතයි
ත්රිකෝණයේ පාද සමයි
සමච්ඡේදනය කරලා
දෙන්නට බෑ පෙම බෙදලා
අපි තුන්මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා
පද රචනය -සමන් චන්ද්රනාත් වීරසිංහ
සංගීතය හා ගායනය – දයාරත්න රණතුංග
මෙම ගීතයත් සමගම මාගේ මත්කයට එන තවත් ගීත 2 ක් තියෙනව.එ තමා මිල්ටන් මල්ලාවරච්චි ගායන කරනා මට මෙන් ඔහුටද කදුල ඔබයි සහ සනත් නන්දසිරි ගායන කරන වරදක් කලත් සිතකින් නොවෙ යන ගීත දෙක. මේ ගීත් දෙකෙත් වස්තු විෂය අපි නුදුරු දිනයක ලබ දෙන්නම්. මේ ගීත් දෙකෙත් වස්තු විෂය අපි නුදුරු දිනයක ලබා දෙන්නම්.
”සමකෝණී ත්රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක හිටියා
නෙත් හතරක පහස ලබා
මම මේ මුල්ලේ සිටියා
රසිකයා තුළ සැබැවින් ම ත්රිකෝණයක සංකල්ප රූපයක් ජනිත කිරීමට රචකයා උත්සාහ කරයි
”ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි
දෙදෙනාටම මාත් හිතයි
ත්රිකෝණයේ පාද සමයි...”
තරුනයාට තරුනියන් දෙදනාම අත් හරිමට නොහැක. තරුනයාට තරුනියන් දෙදනාම අත් හරිමට නොහැක.ඔහු තරුනියන් දෙදනාටම එක ලෙස ප්රෙම කරනවා.ඔහුට ඔවුන්ව අත් හරිමට අති ලෝභය මෙමෙ පද තුලින් විශද කරනවා.
”සමච්ඡේදනය කරලා
දෙන්නට බෑ පෙම බෙදලා
අපි තුන්මුල්ලට ම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා”
මේ තරුණයා බොළඳ ප්රේමය වුවද අවබීධයෙන් විඳින්නකු බව පැහැදිලි වෙයි. ත්රිකෝණයක් නම් සමච්ඡේදනය කොට දෙපසට සමබර ව බෙදා දැක්විය හැකිය. එහෙත් ආදරය බෙදා දිය නොහැකිය. බෙදිය හැකි වුණත් සම සම ව බෙදිය නොහැකි ය. මේ ආදරය ද එසේ බෙදන්නට හැකි ය. එහෙත් එය සමබර නොවන බව ඔහු දනී. තමා අසල නිතර ගැවසෙන එක පන්තියේ එකට ඉගෙනගන්නා මේ යුවතියන්ට එබඳු චපල ආදරයක් පිදීමට ඔහු සූදානම් නැත. ඒ නිසා හිතවත්කම් පළුදු කරගැනීම වෙනුවට මේ ආකාරයෙන්ම පැවැතීම වඩා යහපත් බව ඔහුගේ නිගමනයයි.
”අපි තුන් මුල්ලට ම වෙලා

Subscribe to:
Posts (Atom)