Showing posts with label අකලට වට මහ වරුසාවක් සේ. Show all posts
Showing posts with label අකලට වට මහ වරුසාවක් සේ. Show all posts

Sunday, November 6, 2011

අකලට වට මහ වරුසාවක් සේ - නිරන්ජලා සරෝජනි

දවසේ සුභාවිත ගීතය
-ඉදිරිපත් කිරිම ලකිඳු අෂාන් පීරිස්









අද මම ඉදිරිපත් කරන්න්නේ තරමක් විශේෂිත වු ගීතයක්.මෙම ගීතය විශිෂ්ට කලාකරිනියන් ත්‍රිත්වයක් සුසංයෝගයෙන් නිර්මාණය වු ගීතයක්.මෙය රචනා කර ඇත්තේ ගුවන් විදුලි සංස්ථාවේ ජනප්‍රිය නිවේදිකාවක්ව සිටි දයා ද අල්විස් මහත්මියයි.නිරන්ජලා සරෝජනි මහත්මියගෙ සුමදුර ගායනයෙන් මෙය හඩ වන අතර නන්දා මාලිනියන්ගෙ තනුව මෙම ගීතය මනා හැඩතලයක් මුසු කරයි.මෙම ගීතය අතිතයෙ පෙම් යුවලක්ව සිට පසුව වෙන් වුන ප්‍රේමවන්තයට ප්‍රේමවන්තිය සිදු කරන ආමන්ත්‍රණයක් ලෙස දැක්විය හැක.

අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ
නොසිතූ මොහොතක
ඇයි දෝ යළි ආවේ

පෙර දා මෙන් හද මල් පිපුණා දෝ
සතුටු කඳුළු නුවනග මිදුනාදෝ
අතීත ආදර නටබුන් අතරේ
මන්දිර මැව්වාදෝ

සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමට ද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ

හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළඟකදි ලබන දිනේ

ගායනය-නිරන්ජලා සරෝජනි
පද රචනය-දයා ද අල්විස්
තනුව-නන්දා මාලිනි

ප්‍රේමවන්තියට අනුව ඔහු ඇයට ඔහුව අවශ්‍ය මොහොතෙ ඇයව අත හැර ගොස් ඇති අතර නැවත් අනපෙක්ෂිත මොහොතක ඇයගෙ ඇසුර පතයි.නමුත් ඇයට ඔහුව දැන් අවශ්‍ය නොවන උපමාරූපක මගින් පැහැදිලි කරයි.අවාරයෙ ඇද හැලෙන වරුසාවකින් කිසිදු පල ප්‍රයෝජනයක් නොලබෙන අතර එයින් සිදු වන්නෙ පාඩුන් පමනි.එසෙම අසුබ දිනකදි පැමිනෙන සුභ පැතුමකින් ලබා ගත හැකි ආහ්ලාදයක් නොමැත.
අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ
නොසිතූ මොහොතක
ඇයි දෝ යළි ආවේ

ඔවුන් දෙදෙනා අතිතයේ ඉතා සමිප ප්‍රේවන්තයන් ලෙස සිට ඇත.ඔවුනොවුන් හමු වීම එදා ඔවුන්ට අතිශය ආශ්වාදයක් ගෙන දෙන්නක් විය.
පෙර දා මෙන් හද මල් පිපුණා දෝ
සතුටු කඳුළු නුවනග මිදුනාදෝ

එම අතීත ආදර මතකයන් ඔස්සේ තරුණයා තුල ආදරයේ දළු ලියලමින් පවති.
අතීත ආදර නටබුන් අතරේ
මන්දිර මැව්වාදෝ

තරුණියට නැවතත් ඔහු සමඟ ඇසුරක් ආරම්භ කල නොහැක්.ඇය දන් අලුතින් ජීවිතයක් ආරම්භ කර ඇත.ඇයට දැන් පෙම්වතකු සිටියි.
සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමට ද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ

අවසාන පද පේලි තුලින් ඇයව තව දුරත් හමු වීමෙන් කිසිදු පලක් නොවන බව ඇය ප්‍රකාශ කර සිටියි.
හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළඟකදි ලබන දිනේ

කෙසේ වුනත් මෙම ගීතය උඩු පෙල අරුතට යටින් දිවෙන යටි අරුතක් ප්‍රකාශ වන මගෙ අදහසයි.තරුනිය එක හෙලා තරුණයාව ප්‍රතික්ෂේප කලද ඇයගෙ හදවත තුල තවමත් ප්‍රථම ප්‍රෙමය සුන්දර මතක සටහන් ගැබ්ව පවතීයි.ඇය තම ප්‍රේම වියොව නිසා හඬා නොවැටෙන බව පෙන්නුවත් ඇය යටි සිතින් හඬා වැටෙන මෙම පද පෙල සාක්ෂි දරයි.
පෙර දා මෙන් හද මල් පිපුණා දෝ
සතුටු කඳුළු නුවනග මිදුනාදෝ

එසේම මෙය කාන්තාවන් තිදෙනෙකුගෙ නිර්මාණයක් නිසා ඔවුන් ගායනයෙන්.සංගීතයෙන් හා පද රචනයෙන් කාන්තා අභිමානය ප්‍රකාශ කිරිමට වග බලා ගනියි.