Showing posts with label මිල්ටන් මල්ලවාරච්චි. Show all posts
Showing posts with label මිල්ටන් මල්ලවාරච්චි. Show all posts

Sunday, November 6, 2011

සුලඟේ පාවී - මිල්ටන් මල්ලවාරච්චි


දවසේ සුභාවිත ගීතය
~ඉදිරිපත් කිරිම ලකිඳු අෂාන් පීරිස්~







අද මම ඉදිරිපත් කරන්නෙ විශිෂ්ට කළාකරුවන් තිදෙනෙකුගේ සුසංයොගෙයෙන් නිර්මාණය වු ගීතයක්.ගීතයේ තේමාව වි තිබෙන්නෙ පාසැල් ප්‍රේමය පිළිබඳවයි.සිංහල ගීත ක්ෂේත්‍රය තුල පාසැල් ප්‍රේමය පිලිබඳ ගීත බොහොමයක් රචනා වි තිබෙනවා.උදාහරණයක් ලෙස මගෙ මතකයට එන ගීත කිහිපයක් දක්වන්න පුලුවන්.සිසිර-ඉන්ද්‍රාණි යුවල ගායනා කරන ආදරෙ මං ආදරෙ,ප්‍රියා සූරියසේන ගායනා කරන සුදු පරවි රෑණ සේ ඉන් කිහිපයක්,එසේම සනත් නන්දසිරි මහතාගෙ නයනාවි හා දයාරත්න රණතුංග මහතා ගයනා කරනා රූං පෙත්ත වැනි ගීතද පාසැල් ප්‍රේමය තරමක් හෝ මුසු වු ගීත ලෙස මට දක්වන්න පුලුවන්.ඉදිරියෙදි මෙම ගීත සියල්ලම එකට ගෙන සමානකම් හා වෙනස්කම් දක්වන්න මම බලාපොරොත්තු වෙනවා.


සුලඟේ පාවී
ඈ වෙත යාවි
මා සිතු සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතු පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතු සිතුම්

පාසැලේදි මා දිහා
නෙත් කොනින් බලා
ඒ කියු රහස් කතා
නැ සැබැ වුනේ

ගී පොතේදි මා ලියු සෝක ගීතයෙ
උල්පතයි ඔබේ නෙතින්
හෙලු බැලුම් ප්‍රියේ


ගායනය-මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය-කරුණාරත්න අබේසේකර
තනුව-ක්ලැරන්ස් විජේවර්ධන

මෙම පද රචනය තනුවට සැකසු පද මාලාවක් ලෙසයි මාගේ මතකය.නමුත් පද රචකයාගේ හැකියාව නිසා අපට එහි වෙනසක් නොහැඟේ.

මෙහි කථකයා පාසැල් ජීවිතය පසු කල පුද්ගලයෙකි.ඔහුට වර්තමානයේ ඉතුරු වී තිබෙන්නේ පාසැල් වියේ ගත කල සුන්දර කාල පරිච්ඡේදය පමණි.භද්‍ර යෞවනයෙදි ඇති කුලුදුල් ප්‍රේමය නටඹුන් වී ඔහුගේ සියලු ප්‍රාර්ථනා,බලාපොරොත්තු සිහින විමානයක් බවට පත් වී ඇත.

සුලඟේ පාවී
ඈ වෙත යාවි
මා සිතු සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතු පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතු සිතුම්


නෙත් කොනින් කරන ඉඟි බිඟි පාසැල් ප්‍රේමයට අමුත්තක් නොවේ.කථකයාටද එය හුහුරු අත්දැකිමක් නොවේ.නමුත් එම රහසින් සිදු කල ආමන්ත්‍රණයන් සැබැවක් වී නොමැත.
කොහොමත් පාසැල් ජීවිතය අවසාන වනුයේ එකිනෙකා විවිධාකාර අන්තයන් තුල රඳවාය.පිරිසක් සරසවියට සුදුසුකම් ලබයි.තවත් කොටසක් විවිධ පාඨමාලා,රැකියා වලට අනියුක්ත වෙයි.තවත් පිරිසක් නිවෙස්ගත වෙයි.මේ තත්ව ඔස්සේ පාසැල් ප්‍රේමය යථාර්තයක් වනුයේ ඉතාම අතලොස්සකටය.

පාසැලේදි මා දිහා
නෙත් කොනින් බලා
ඒ කියු රහස් කතා
නැ සැබැ වුනේ

ගී පොතේදි මා ලියු සෝක ගීතයෙ
උල්පතයි ඔබේ නෙතින්
හෙලු බැලුම් ප්‍රියේ