ශ්‍රි ලාංකේය සුභාවිත ගීතය
-ඉදිරිපත් කීරිම ලකිඳු අෂාන් පීරිස්
අද මම ඉදිරිපත් කරන්නෙ සුනිල් එදිරිසිංහයන්ගේ නවතම සංයුක්ත තැටිය තුල අඩංගු වු පසුගිය කාලය තුල බෙහෙවින්ම ජනප්‍රිය වු ගීතයකි.මෙහි පද රචනය හා තනුව නිමවුයේ තරුණයන් දෙදෙනෙකි.60,70 දශකයේ සිංහල සරළ ගීතයෙ ස්වර්ණයමය දශකය වු අතර ඒය ඉනික්බිතව එය බිඳවැටුන බව නොරහසකි.අසිමිත ලෙස රුපවාහිනි හා ගුවන් නාලිකා ආරම්භ විමත් එව නිසි ප්‍රමිතියකට හසු නොවිමත්,විවෘත ආර්ථිකයෙ බලපෑමත් සමඟ ගීතය හා කලාව වානිජත්වයට ගොදුරු වීමත් ඊට ප්‍රධාන හේතු ලෙස දක්විය හැක.
මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සියා
කලා වැව ලඟ ඉලුක් හෙවනේ
මැටි පලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
ඉසුරුමුණියෙ නුඹ තැනු
ඒ පෙම්බරිය කොතැනද කියා
මා ඇසු විට හිනැහුනා ඔහු
තවම තනිකඩයයි කියා
ගායනය-සුනිල් එදිරිසිංහ
පද රචනය-රජිව් වසන්ත වෙල්ගම
තනුව-දර්ශන රුවන් දිසානායක
මෙතරන රළු ගලකට බුදු ගුණය ආරෝපණය කීරිම බෙහෙවිම අසිරු කටයුක්තකි.මෙ තරම් සියුමැලිද යන්නෙන් රචකයා කියාපාන්නෙ එයයි.රචකයාට අවශ්‍ය වි ඇත්තේ එම දුෂ්කර කටයුක්ත සිදු කල කළාකරුවාගෙ ජීවිතයට එබි බැලිමයි.
මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සියා
එදා මෙදතුර පහල වු කලාකරුවන්ගෙ ඛේදවාචකය මෙහි ගැබ්ව ඇත.රුවන් වැලි සෑය සමඟ ලියවෙන්නේ දුටු ගැමුනු රජතුමාගෙ නමයි.සිගිරිය සමඟ ලියවෙන්නෙ කාශ්‍යප රජුගෙ නමයි.එම ලෝපතල සුවිශිෂ්ට නිර්මාණ නිමකල කලාකරුවන්ගෙ නම කිසිවෙකු දන්නෙ නැත.එහෙත් මෙ කලාකරුවා අකම්පිත වු උපෙක්ෂාව ප්‍රගුණ කල පිරිසකි.ඔහු බලා සිටින්නෙ කලාවැවේ මැරෙන ඉපදෙන රළ දිහාය.ඔහු ඒ තුලි අනිත්‍ය මෙනෙහි කරනවා විය හැක.සැබැවින්ම ඔහු එම කලු ගලට ආරෝපනය කරන්නෙ ඔහු තම ජීවිත පරිඥනායෙන් ප්‍රගුණ කල එම ගුණයන් විය යුතුය.එම නිර්මාණය කිරිමෙදි පණ නඟින රිදුම් වේදනා පවා ඔහු උපෙක්ෂාවෙන් විඳ දරා ගනියි.
කලා වැව ලඟ ඉලුක් හෙවනේ
මැටි පලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
මෙහිදි රචකයා කල්පිතයක් ඉදිරිපත් කරයි.ඔහු කලාකරුවාගෙන් විමසන්නෙ ඉසුරුමුනියෙ ඔහු තැනු පෙම්බරිය කොහෙද යනුවෙනි.බොහො විට කලකරුවා අතින් නිමැවෙන්නෙ ඔහුගෙ හද තුල රැඳි නිමිතක් ඔස්සේ වී නිසා ඔහු එම ප්‍රශ්නය ඇසුවා විය හැක.නමුත් ඔහු ලබාදෙන පිලිතුරෙන් රචකයාට එම කලාකරුවා කෙරෙහි අනුකම්පාවක් ගොඩනංවයි.අනුන්ගෙ ආදර නෙලන ඔහු තවම තනිකඩයෙකි.නතිනම් ඔහුගෙ බිරිඳ ඔහුව හැර දමා ගොස් විය හැක.මුතු බෙල්ලෙක් තම වේදනාව මුතු බවට බවට පත් කරන ආකාරෙන් එම කලාකරුවා ඔහුගේ ජීවිතයෙ වේදනා නිර්මාණ බවට පත් කරයි.