Friday, November 25, 2011

මේ තරම් සියුමැලිද කළු ගල් ~ සුනිල් එදිරිසිංහ


ශ්‍රි ලාංකේය සුභාවිත ගීතය
-ඉදිරිපත් කීරිම ලකිඳු අෂාන් පීරිස්


අද මම ඉදිරිපත් කරන්නෙ සුනිල් එදිරිසිංහයන්ගේ නවතම සංයුක්ත තැටිය තුල අඩංගු වු පසුගිය කාලය තුල බෙහෙවින්ම ජනප්‍රිය වු ගීතයකි.මෙහි පද රචනය හා තනුව නිමවුයේ තරුණයන් දෙදෙනෙකි.60,70 දශකයේ සිංහල සරළ ගීතයෙ ස්වර්ණයමය දශකය වු අතර ඒය ඉනික්බිතව එය බිඳවැටුන බව නොරහසකි.අසිමිත ලෙස රුපවාහිනි හා ගුවන් නාලිකා ආරම්භ විමත් එව නිසි ප්‍රමිතියකට හසු නොවිමත්,විවෘත ආර්ථිකයෙ බලපෑමත් සමඟ ගීතය හා කලාව වානිජත්වයට ගොදුරු වීමත් ඊට ප්‍රධාන හේතු ලෙස දක්විය හැක.

මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සියා

කලා වැව ලඟ ඉලුක් හෙවනේ
මැටි පලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියෙ නුඹ තැනු
ඒ පෙම්බරිය කොතැනද කියා
මා ඇසු විට හිනැහුනා ඔහු
තවම තනිකඩයයි කියා

ගායනය-සුනිල් එදිරිසිංහ
පද රචනය-රජිව් වසන්ත වෙල්ගම
තනුව-දර්ශන රුවන් දිසානායක

මෙතරන රළු ගලකට බුදු ගුණය ආරෝපණය කීරිම බෙහෙවිම අසිරු කටයුක්තකි.මෙ තරම් සියුමැලිද යන්නෙන් රචකයා කියාපාන්නෙ එයයි.රචකයාට අවශ්‍ය වි ඇත්තේ එම දුෂ්කර කටයුක්ත සිදු කල කළාකරුවාගෙ ජීවිතයට එබි බැලිමයි.

මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සියා


එදා මෙදතුර පහල වු කලාකරුවන්ගෙ ඛේදවාචකය මෙහි ගැබ්ව ඇත.රුවන් වැලි සෑය සමඟ ලියවෙන්නේ දුටු ගැමුනු රජතුමාගෙ නමයි.සිගිරිය සමඟ ලියවෙන්නෙ කාශ්‍යප රජුගෙ නමයි.එම ලෝපතල සුවිශිෂ්ට නිර්මාණ නිමකල කලාකරුවන්ගෙ නම කිසිවෙකු දන්නෙ නැත.එහෙත් මෙ කලාකරුවා අකම්පිත වු උපෙක්ෂාව ප්‍රගුණ කල පිරිසකි.ඔහු බලා සිටින්නෙ කලාවැවේ මැරෙන ඉපදෙන රළ දිහාය.ඔහු ඒ තුලි අනිත්‍ය මෙනෙහි කරනවා විය හැක.සැබැවින්ම ඔහු එම කලු ගලට ආරෝපනය කරන්නෙ ඔහු තම ජීවිත පරිඥනායෙන් ප්‍රගුණ කල එම ගුණයන් විය යුතුය.එම නිර්මාණය කිරිමෙදි පණ නඟින රිදුම් වේදනා පවා ඔහු උපෙක්ෂාවෙන් විඳ දරා ගනියි.

කලා වැව ලඟ ඉලුක් හෙවනේ
මැටි පලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

මෙහිදි රචකයා කල්පිතයක් ඉදිරිපත් කරයි.ඔහු කලාකරුවාගෙන් විමසන්නෙ ඉසුරුමුනියෙ ඔහු තැනු පෙම්බරිය කොහෙද යනුවෙනි.බොහො විට කලකරුවා අතින් නිමැවෙන්නෙ ඔහුගෙ හද තුල රැඳි නිමිතක් ඔස්සේ වී නිසා ඔහු එම ප්‍රශ්නය ඇසුවා විය හැක.නමුත් ඔහු ලබාදෙන පිලිතුරෙන් රචකයාට එම කලාකරුවා කෙරෙහි අනුකම්පාවක් ගොඩනංවයි.අනුන්ගෙ ආදර නෙලන ඔහු තවම තනිකඩයෙකි.නතිනම් ඔහුගෙ බිරිඳ ඔහුව හැර දමා ගොස් විය හැක.මුතු බෙල්ලෙක් තම වේදනාව මුතු බවට බවට පත් කරන ආකාරෙන් එම කලාකරුවා ඔහුගේ ජීවිතයෙ වේදනා නිර්මාණ බවට පත් කරයි.

ඉසුරුමුණියෙ නුඹ තැනු
ඒ පෙම්බරිය කොතැනද කියා
මා ඇසු විට හිනැහුනා ඔහු
තවම තනිකඩයයි කියා
මා ඇසු විට හිනැහුනා ඔහු
තවම තනිකඩයයි කියා
 

Sunday, November 13, 2011

නිහඬ කල්පනා ~ එඩ්වඩ් ජයකොඩි

දවසේ සුභවිත ගීතය
-ඉදිරිපත් කිරිම ලකිඳු අෂාන් පීරිස්



මෙය එඩ්වඩ් ජයකොඩි ගායනා කරන තරමක වේග රිද්ම ගීතයකි.එම වේග රිද්මයෙන් සුනුල් ධර්මසේන උත්සාහ කරන්නේ තරුණයාගේ චිත්ත වේග පිලිඹිබු කිරිමට බව මට හැඟේ.එසේම හේමසිරි හල්පිටයන්ගේ ගීත වල සුවිශේෂ ලක්ෂණය වනුයේ සරළ බස් වහරයි.නමුත් එම සරළත්වය යටින් එක්තරා කතාවක් විචිත්‍රණය කිරිම ඔහුගේ බොහෝ ගීත වල දක්නට ලැබේ.එය මෙමෙ ගීත්යෙත් මනාව විශද කරයි.

නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
කරන චෝදනා මොනවදෝ කියා නොමතැවෙයි
නැඟෙන වේදනා තුරුණු මා වියෙ අපමණයි
අචල ආදරේ රැදුනේ ඔබ කෙරේ එලෙසමයි

ඉවත පාවෙලා යන්න හිතුනෙදෝ මා කෙරෙන්
වෙන අයෙක් කෙරෙ බැඳුනදෝ ඔයා ආදරෙන්
සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතින්
හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්

අසරණයි මෙමා වැරදි නැ කරේ කිසිදිනේ
ඔබෙ සිතෙ සමා දෙනු මැනේ ලඳේ පා සෙනේ
හදවතින් බිඳි වේදනා සුසුම් පාවුනේ
නැතිවදෝ අපෙ සිත් එදා ලෙසින් පාවුනේ

ගායනය-එඩ්වඩ් ජයකොඩි
පද රචනය-හේමසිරි හල්පිට
තනුව-සුනිල් ධර්මසේන

මෙම ගීතය පුරාවට දැක්වෙන්නෙ පෙම්වතා පෙම්වතියෙන් සිදු කරන ආයචනයකි.ඔවුන් අතිතයේ සමීප පෙම්වතුන් ලෙස සිට ඇත.නමුත් එය වර්තමානයේ ගිලිහෙමින් පවති.නමුත් එයට හේතුව කුමක්දයි පෙම්වතා නොදනි.ඔවුන් මල් උයනක,වෙරල කොනක අත් වැල් පටලා මුමුන මුමුන එකට ඇවිද යන්නට ඇත.නමුත් අහ එම ජීවිතය පෙම්වතාට අහිමිය.පෙම්වතිය ඔහොට විවිධ චෝදනා ඉදිරිපත් කර කල්පනා ලොව නිමග්නව මුනිවත ආරක්ෂා කරයි.

නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
කරන චෝදනා මොනවදෝ කියා නොමතැවෙයි
නැඟෙන වේදනා තුරුණු මා වියෙ අපමණයි
අචල ආදරේ රැදුනේ ඔබ කෙරේ එලෙසමයි


පෙම්වතිය වෙනයම් කිසිවෙකු සමඟ ඇසුරක පැටලිද යන්න ඔහු හරිහැටි නොදනි.ඔහු එය පෙම්වතියගෙන් විමසයි.

ඉවත පාවෙලා යන්න හිතුනෙදෝ මා කෙරෙන්
වෙන අයෙක් කෙරෙ බැඳුනදෝ ඔයා ආදරෙන්
සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතින්
හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්


මෙයින් පෙම්වතාගේ ඇති අසරණභාවය මනාව විශද කරයි.ඔහු ඇයට කිසිම වරදක් කර නොමැත.නමුත් ඔහු ඇයගෙන් සමාව ආයාචනා කරයි.අතීත සුන්දර ප්‍රේමය ආදර නටඹුමක් හෝ ස්වප්නයක් පමනක් වීමට ඉඩහැර බලා සිටිමට තරම් අද ඔහු අසරණ වී ඇත.

අසරණයි මෙමා වැරදි නැ කරේ කිසිදිනේ
ඔබෙ සිතෙ සමා දෙනු මැනේ ලඳේ පා සෙනේ
හදවතින් බිඳි වේදනා සුසුම් පාවුනේ
නැතිවදෝ අපෙ සිත් එදා ලෙසින් පාවුනේ

Thursday, November 10, 2011

සාගර ජලය මදි හිමි ගුණ ලියන්නට ~ වික්ටර් රත්නායක

දවසේ සුභාවිත ගීතය
ඉදිරිපත් කීරිම ~ලකිඳු අෂාන් පීරිස්~


අද ඉල් පුර පස පසළොස්වක පොහොය දිනයයි.එම නිසා අද දවසේ සුභාවිත ගීතය ලෙස බුදු ගුණ ගීතයක් ඉදිරිපත් කීරිමට හිතුවා.සිංහල බෞද්ධ ගීතය පිලිබඳ කතා කරන විට වික්ටර් රත්නායක-ප්‍රේමකීර්ති අල්විස් යන සුසංයෝගය කතා නොකරම බැහැ.අද ඉදිරිපත් කරන ගීතයත් එතුමන් දෙදෙනාගේ එකතුවෙන් නිම වු ගීතයක්.

සාගර ජලය මදි හිමි ගුණ ලියන්නට
අහසේ තාරකා මදි ගුණ ගනින්නට
පොළොවෙ වැලි වලින් බැ ගුණ මනින්නට
හඳටත් ඉරටවත් බැ ගුණ කියන්නට

සුලඟට බැරිය අපමන ගුණ බෙදන්නට
හඬකට බැරිය නිම් නැති ගුණ ගයන්නට
පසතුරු නදටවත් බැ ගුණ වයන්නට
දෙසවන මදිය හිමි වරුණය අසන්නට

දෙතොලට බැරියහිමි සිරිපාද දොවන්නට
පින්නට බැරිය හිමි සිරිපද තෙමන්නට
මිනිසත් භවය ලත් මට බැරි ලබන්නට
මල කර පින කවර ඔබ ලඟ මියෙන්නට


ගායනය සහ තනුව-වික්ටර් රත්නායක
පද රචනය-ප්‍රේමකීර්ති ද අල්විස්


බුද්ධ විෂය අචින්තයි.බුදු ගුණය අපිරිමිතයි.බුදු ගුණය උපමා මඟින් විස්තර කරමින් ගීත ප්‍රබන්ධනයට ප්‍රේමකීර්ති තරම් සමතෙක් මම ගීත ක්ෂේත්‍රය තුල දැක නැත.ඔහු බුදු ගුණය විස්තර කිරිමට යොදන උපමාරූපක සාකල්‍යෙන්ම ඊට ගැලපේ.මුල්පද පේලි දහයේදීම ඔහු උපමා දහයක් යොදගෙන භෞතික වස්තුන් උපමා කරගෙන බුදු ගුණය විස්තර අතිශයින්ම අසිරු කාර්යයක් බව විස්තර කරයි.
මෙම ගීතයේ අවසාන පද දෙක මෙම ගීතයේ සම්පූර්ණ සාරාංශයම කැටි කරගත් පද දෙක ලෙස පෙනි යයි.ප්‍රේමකීර්තින් ශුරින්ගේ මෙම උපමාව ඔහුගේ ගීත කිහිපයකම විවිධකාරයෙන් අඩංගු වු අයුරු මට මෙහිදි මෙනෙහි කල හැක.

සම්ඳු පාමුල පිදෙන විලසින්
නා මලක් වී මා මලත් කම් නැහැ


එසේම තවත් ගීතයක ඔහු මෙසේ සටහන් කර තිබෙනවා.මෙම ගීතයෙද ඔහුට බුදු රදුන් ඉදිරියෙ ඔහුගෙ කුදු බව නිරුපණය කීරිම ඔහුගේ අරමුණ වී තිබේ.


මලක වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබසිටින මා හට
මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිසිලස නොමැත මා හට
මලක් පෝ දා මගෙ ජීවය ඔබේ පාමුල පරවුණා වේ

Wednesday, November 9, 2011

අම්මා සඳකි - ටී.එම්.ජයරත්න

දවසෙ සුභාවිත ගීතය
-ඉදිරිපත් කිරිම ලකිඳු අෂාන් පීරිස්

අද මම ඉදිරිපත් කරන්නෙ ටී.එම් .ජයරත්න විසින් ගායනා කරන ඔහුගේ බිරිඳ වන මාලිනි ජයරත්න රචනා කරන ලද රෝහණ වීරසිංහගේ අමයුරු සංගීතයෙන් හැඩ වු ගීතයක්.මෙහි මුල් පද පේලිය දුටු විටම මෙය මව් ගුණ ගීතයක් ලෙස වැරදි වැටහීමකට පත් වෙන්න පුලුවන්.තව දුරටත් ගීතය ඉදිරියට අසන විට මෙය පිය ගුණ ගීතයක් ලෙස සිතන්නට පුලුවන්.ඔබෙ එසේ සිතුවානම් ඔබෙ නිගමන දෙකම සාවද්‍යයි.සැබවින්ම මෙම ගීතය තුලෙන් විශද වන්නෙ පියෙකුගෙ භාව ප්‍රකාශයකි.නැතහොත් පියෙකුගෙ චිත්ත සන්තානයේ උපදින හැඟිම් ප්‍රකාශනයක් ලෙස දැක්විය හැකියි.මෙම පියෙකුගේ සිතේ උපදින භාවයන් මවක් විසින් තෙලි තුඩට හසු කර ගැනිම මෙම ගීතය තුල ඇති තවත් විශේෂත්වයකි.

අම්මා සඳකි
මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳින් ඔබෙ ලෝකය එළිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි
පිය සෙනෙහසට කවි ගී ලිය වුනා මදි

සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයෙ නොදැරුවත් දිවිබර මට දැනුනි
මහ මෙරකට උසයි දරු පෙම හඳ පතුලෙ
පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුනේ

මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නෙ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නෙ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ.

ගායනය-ටී.එම්.ජයරත්න
පද රචනය-මාලිනි ජයරත්න
තනුව-රෝහණ වීරසිංහ

මෙහි රචකයා පලමුව උපමා රූපක ඔස්සේ පිය සෙනෙහස විස්තර කරන අයුරු විශිෂ්ටයි.මෙහි මව සඳටද පියා හිරුටද දු දරුවන් ලෝකයටද උපමා කර ඇත.සැබැවින්ම සඳට ආලෝකය ලබාදෙන්නෙ හිරුය.නමුත් ලෝකයට දෘෂ්‍යමාන වන්නේ සඳුගේ ආලෝකය පමණි.එනම් පිය සෙනෙහස බොහො විට ගුප්ත,අදෘෂ්‍යමාන සෙනෙහසකි.දරුවන්ට දිස් වන්නේ මවගේ විවෘත වු සෙනෙහස පමණි.කෙසේ වුවත් ලෝකයෙ නැතිනම් දරුවන්ගේ පැවැත්මට හිරු සඳු දෙකේම සුසංයෝගය අත්‍යවශ්‍යය.
අම්මා සඳකි
මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳින් ඔබෙ ලෝකය එළිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි
පිය සෙනෙහසට කවි ගී ලිය වුනා මදි

මෙයින් පියාගේ භාවයන් උද්දීපනය වේ.මෙහි ඔහු දරුවාගෙන් අසන පැනය මෙයයි.දසමසක් කුස තුල නොදැරුවත් දරුවන්ගේ අනාගත්ය සාක්ෂාත් කීරිම අරඹයා දිවි බර කරට ගන්නෙ පියායි.දරුවන්ගේ රුධිරගත සහසම්බන්ධය පවතින්නේ පියාටයි.
සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයෙ නොදැරුවත් දිවිබර මට දැනුනි
මහ මෙරකට උසයි දරු පෙම හඳ පතුලෙ
පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුනේ

අවසානය පිය හැඟිම් වල උත්කෘෂ්ටම අවස්ථාවට එළඹේ.ඔහු මුලු සමාජ සංහතියෙන්ම පැනයක් අසයි.දරුවා ඉපදුන දා සිටම මවගේ පිටුපසින් ගොඩනැගුණු අද්වීතිය සෙවනැල්ල පියායි.නමුත් බොහො විට දරුවන්ට ගොචර වනුයේ මවගේ සෙනෙහස පමණි.ඔහු සමස්ථ සමාජයටම නගන පැනය මෙයයි.
මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නෙ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නෙ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ.

Sunday, November 6, 2011

සුලඟේ පාවී - මිල්ටන් මල්ලවාරච්චි


දවසේ සුභාවිත ගීතය
~ඉදිරිපත් කිරිම ලකිඳු අෂාන් පීරිස්~







අද මම ඉදිරිපත් කරන්නෙ විශිෂ්ට කළාකරුවන් තිදෙනෙකුගේ සුසංයොගෙයෙන් නිර්මාණය වු ගීතයක්.ගීතයේ තේමාව වි තිබෙන්නෙ පාසැල් ප්‍රේමය පිළිබඳවයි.සිංහල ගීත ක්ෂේත්‍රය තුල පාසැල් ප්‍රේමය පිලිබඳ ගීත බොහොමයක් රචනා වි තිබෙනවා.උදාහරණයක් ලෙස මගෙ මතකයට එන ගීත කිහිපයක් දක්වන්න පුලුවන්.සිසිර-ඉන්ද්‍රාණි යුවල ගායනා කරන ආදරෙ මං ආදරෙ,ප්‍රියා සූරියසේන ගායනා කරන සුදු පරවි රෑණ සේ ඉන් කිහිපයක්,එසේම සනත් නන්දසිරි මහතාගෙ නයනාවි හා දයාරත්න රණතුංග මහතා ගයනා කරනා රූං පෙත්ත වැනි ගීතද පාසැල් ප්‍රේමය තරමක් හෝ මුසු වු ගීත ලෙස මට දක්වන්න පුලුවන්.ඉදිරියෙදි මෙම ගීත සියල්ලම එකට ගෙන සමානකම් හා වෙනස්කම් දක්වන්න මම බලාපොරොත්තු වෙනවා.


සුලඟේ පාවී
ඈ වෙත යාවි
මා සිතු සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතු පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතු සිතුම්

පාසැලේදි මා දිහා
නෙත් කොනින් බලා
ඒ කියු රහස් කතා
නැ සැබැ වුනේ

ගී පොතේදි මා ලියු සෝක ගීතයෙ
උල්පතයි ඔබේ නෙතින්
හෙලු බැලුම් ප්‍රියේ


ගායනය-මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය-කරුණාරත්න අබේසේකර
තනුව-ක්ලැරන්ස් විජේවර්ධන

මෙම පද රචනය තනුවට සැකසු පද මාලාවක් ලෙසයි මාගේ මතකය.නමුත් පද රචකයාගේ හැකියාව නිසා අපට එහි වෙනසක් නොහැඟේ.

මෙහි කථකයා පාසැල් ජීවිතය පසු කල පුද්ගලයෙකි.ඔහුට වර්තමානයේ ඉතුරු වී තිබෙන්නේ පාසැල් වියේ ගත කල සුන්දර කාල පරිච්ඡේදය පමණි.භද්‍ර යෞවනයෙදි ඇති කුලුදුල් ප්‍රේමය නටඹුන් වී ඔහුගේ සියලු ප්‍රාර්ථනා,බලාපොරොත්තු සිහින විමානයක් බවට පත් වී ඇත.

සුලඟේ පාවී
ඈ වෙත යාවි
මා සිතු සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතු පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතු සිතුම්


නෙත් කොනින් කරන ඉඟි බිඟි පාසැල් ප්‍රේමයට අමුත්තක් නොවේ.කථකයාටද එය හුහුරු අත්දැකිමක් නොවේ.නමුත් එම රහසින් සිදු කල ආමන්ත්‍රණයන් සැබැවක් වී නොමැත.
කොහොමත් පාසැල් ජීවිතය අවසාන වනුයේ එකිනෙකා විවිධාකාර අන්තයන් තුල රඳවාය.පිරිසක් සරසවියට සුදුසුකම් ලබයි.තවත් කොටසක් විවිධ පාඨමාලා,රැකියා වලට අනියුක්ත වෙයි.තවත් පිරිසක් නිවෙස්ගත වෙයි.මේ තත්ව ඔස්සේ පාසැල් ප්‍රේමය යථාර්තයක් වනුයේ ඉතාම අතලොස්සකටය.

පාසැලේදි මා දිහා
නෙත් කොනින් බලා
ඒ කියු රහස් කතා
නැ සැබැ වුනේ

ගී පොතේදි මා ලියු සෝක ගීතයෙ
උල්පතයි ඔබේ නෙතින්
හෙලු බැලුම් ප්‍රියේ
 

සිකුරුලියා - ජේ.ඒ.මිල්ටන් පෙරේරා

දවසෙ සුභාවිත ගීතය...
~ඉදිරිපත් කිරීම ලකිඳු අෂාන් පීරිස්~



අද මම ඔබලාට ඉදිරිපත් කරන්නට සැරසෙන්නෙ 1975 වසරේ තිරගත වු මැද මාවතේ අධ්‍යක්ෂකවරයා ලෙස ප්‍රකට එච්.ඩී.ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කල සිකුරුලියා චිත්‍රපටියෙ අඩංගු වු ගීතයක්.මෙම මා දකින ප්‍රධානම විශේෂත්වය වන්නෙ ක්ලැරන්ස් විජෙවර්ධනගේ තනුවයි.කණ්ඩායම් සංගීතයට සම්බන්ධ වී සිටි නිසා ඔහු අතින් නිමවු බොහෝ තනු 6.8 හෙවත් වේග රිද්මයෙ තනු වුවත් මෙම තනුව ඒවාට බොහො වෙනස් ආකෘතියක් තුල ගොඩනැගි ඇත.අග්‍රගන්‍ය කලාවේදි ධර්මසිරි ගමගේ මහතාගේ පද රචනය හා මිල්ටන් පෙරේරාගේ ශෝකාකූල කටහඬ මෙම ගීතයට අමුතුම රසයක් ගෙනදෙන බව නොරහසකි.

කොමල ලියා බොලඳ ලියා මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා

ගත සීතල පහස ලබා
ලැම රන්වන් සුවඳ සොබා
මුව මී රොන් ලැබුව මෙමා
සිකුරුලියා
මාව දමා යන්න ගියා

නෙත ඇඳි රුව ඔබය සුදු
අද ඒ නෙත කඳුලු බිඳු
ආදරයෙන් ඔබව හැදු සිකුරු ලියා
මාව දමා යන්න ගියා සිකුරු ලියා

ආදරයෙන් ඔබ හින්දා
මා මනසෙන් දුක් වින්ඳා
පාලුව ලඟ මා රන්දා
සිකුරුලියා
මාව දමා යන්න ගියා
සිකුරුලියා

ගායනය-ජේ.ඒ.මිල්ටන් පෙරේරා
පද රචනය-ධර්මසිරි ගමගේ
තනුව-ක්ලැරන්ස් විජේවර්ධන

උම්මග්ග ජාතකයේ එක් කතාවක ලකුණ්ටකයෙක් රූමත් කාන්තාවකට කල ආදරයක් පිලිබද දැක්වේ.චිත්‍රපටිය දිවෙන්න එම තේමාව තුලයි.
මෙම ගීතය තුලද රචකයා ජනිත කරන්නේ ලකුණ්ටකයා එම තරුනියට සිතින් කරන ආදරය පිලිබදවයි.
මුල් පද පේලි තුලින් ඔහුගෙ චිත්ත සන්තානයේ නැගෙන වියෝගය හෙවත් විප්‍රලම්භ ශෘංගාරය විශද කරයි.

කොමල ලියා බොලඳ ලියා මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා


දෙවැනි පද පේලි තුලින් තරුණයා ඇය සමඟ ඇසුරක් පැවත්වු බව නීරුපණය කරත් චිත්‍රපටියට අනුව මෙය ඔහුගෙ සිතේ හට ගන්නා වු චිත්ත රුපයක් හෙවත් මවා ගැනිමක් පමණයි.

ගත සීතල පහස ලබා
ලැම රන්වන් සුවඳ සොබා
මුව මී රොන් ලැබුව මෙමා
සිකුරුලියා
මාව දමා යන්න ගියා

තුන්වන පේලි තුලින් ඔහුට තරුණිය කෙරෙහි පවතින බලවත් අවශ්‍යතාවය හ ආදරය පෙන්නුම් කරයි. අවසානේදි ඔහු ඇය වෙනුවෙන් විදි වේදනාව ඔස්සේ වියොගය තිව්‍ර කරයි.

ආදරයෙන් ඔබ හින්දා
මා මනසෙන් දුක් වින්ඳා
පාලුව ලඟ මා රන්දා
සිකුරුලියා
මාව දමා යන්න ගියා
සිකුරුලියා

මෙම ගීතයේ පවතින විශේෂත්වය වනුයේ චිත්‍රපටියේ තෙමාවට මනාව උචිත වන ලෙස නිමවා තිබිමත් චිත්‍රපටියෙන් පරිබාහිරව විශිෂ්ට විරහ ගීයක් ලෙස ආඝ්‍රගණ්‍ය කල හැකි වීමත්ය.

අකලට වට මහ වරුසාවක් සේ - නිරන්ජලා සරෝජනි

දවසේ සුභාවිත ගීතය
-ඉදිරිපත් කිරිම ලකිඳු අෂාන් පීරිස්









අද මම ඉදිරිපත් කරන්න්නේ තරමක් විශේෂිත වු ගීතයක්.මෙම ගීතය විශිෂ්ට කලාකරිනියන් ත්‍රිත්වයක් සුසංයෝගයෙන් නිර්මාණය වු ගීතයක්.මෙය රචනා කර ඇත්තේ ගුවන් විදුලි සංස්ථාවේ ජනප්‍රිය නිවේදිකාවක්ව සිටි දයා ද අල්විස් මහත්මියයි.නිරන්ජලා සරෝජනි මහත්මියගෙ සුමදුර ගායනයෙන් මෙය හඩ වන අතර නන්දා මාලිනියන්ගෙ තනුව මෙම ගීතය මනා හැඩතලයක් මුසු කරයි.මෙම ගීතය අතිතයෙ පෙම් යුවලක්ව සිට පසුව වෙන් වුන ප්‍රේමවන්තයට ප්‍රේමවන්තිය සිදු කරන ආමන්ත්‍රණයක් ලෙස දැක්විය හැක.

අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ
නොසිතූ මොහොතක
ඇයි දෝ යළි ආවේ

පෙර දා මෙන් හද මල් පිපුණා දෝ
සතුටු කඳුළු නුවනග මිදුනාදෝ
අතීත ආදර නටබුන් අතරේ
මන්දිර මැව්වාදෝ

සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමට ද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ

හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළඟකදි ලබන දිනේ

ගායනය-නිරන්ජලා සරෝජනි
පද රචනය-දයා ද අල්විස්
තනුව-නන්දා මාලිනි

ප්‍රේමවන්තියට අනුව ඔහු ඇයට ඔහුව අවශ්‍ය මොහොතෙ ඇයව අත හැර ගොස් ඇති අතර නැවත් අනපෙක්ෂිත මොහොතක ඇයගෙ ඇසුර පතයි.නමුත් ඇයට ඔහුව දැන් අවශ්‍ය නොවන උපමාරූපක මගින් පැහැදිලි කරයි.අවාරයෙ ඇද හැලෙන වරුසාවකින් කිසිදු පල ප්‍රයෝජනයක් නොලබෙන අතර එයින් සිදු වන්නෙ පාඩුන් පමනි.එසෙම අසුබ දිනකදි පැමිනෙන සුභ පැතුමකින් ලබා ගත හැකි ආහ්ලාදයක් නොමැත.
අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ
නොසිතූ මොහොතක
ඇයි දෝ යළි ආවේ

ඔවුන් දෙදෙනා අතිතයේ ඉතා සමිප ප්‍රේවන්තයන් ලෙස සිට ඇත.ඔවුනොවුන් හමු වීම එදා ඔවුන්ට අතිශය ආශ්වාදයක් ගෙන දෙන්නක් විය.
පෙර දා මෙන් හද මල් පිපුණා දෝ
සතුටු කඳුළු නුවනග මිදුනාදෝ

එම අතීත ආදර මතකයන් ඔස්සේ තරුණයා තුල ආදරයේ දළු ලියලමින් පවති.
අතීත ආදර නටබුන් අතරේ
මන්දිර මැව්වාදෝ

තරුණියට නැවතත් ඔහු සමඟ ඇසුරක් ආරම්භ කල නොහැක්.ඇය දන් අලුතින් ජීවිතයක් ආරම්භ කර ඇත.ඇයට දැන් පෙම්වතකු සිටියි.
සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමට ද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ

අවසාන පද පේලි තුලින් ඇයව තව දුරත් හමු වීමෙන් කිසිදු පලක් නොවන බව ඇය ප්‍රකාශ කර සිටියි.
හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළඟකදි ලබන දිනේ

කෙසේ වුනත් මෙම ගීතය උඩු පෙල අරුතට යටින් දිවෙන යටි අරුතක් ප්‍රකාශ වන මගෙ අදහසයි.තරුනිය එක හෙලා තරුණයාව ප්‍රතික්ෂේප කලද ඇයගෙ හදවත තුල තවමත් ප්‍රථම ප්‍රෙමය සුන්දර මතක සටහන් ගැබ්ව පවතීයි.ඇය තම ප්‍රේම වියොව නිසා හඬා නොවැටෙන බව පෙන්නුවත් ඇය යටි සිතින් හඬා වැටෙන මෙම පද පෙල සාක්ෂි දරයි.
පෙර දා මෙන් හද මල් පිපුණා දෝ
සතුටු කඳුළු නුවනග මිදුනාදෝ

එසේම මෙය කාන්තාවන් තිදෙනෙකුගෙ නිර්මාණයක් නිසා ඔවුන් ගායනයෙන්.සංගීතයෙන් හා පද රචනයෙන් කාන්තා අභිමානය ප්‍රකාශ කිරිමට වග බලා ගනියි.

දිය පොදක් වෙමින් තොල් වියැලෙන් පිපාසෙට- එච්.ආර්.ජෝතිපාල

~දවසේ සුභාවිත ගීතය~
-ඉදිරිපත් කිරිම ලකිඳු අෂාන් පීරිස්-

අද අප ඉදිරිපත් කීරිමට සැරසෙන්නෙ සිංහල සිනමාවෙ අසහාය ගායකයානන් වන එච්.ආර්.ජෝතිපාල මහතා විසින් ගායනා කරන ලද චිත්‍රපටි නොවන ගීතයක්.ඔහු විසින් ගායනා කරන ලද බොහො ගීත හිංදි තනු ඔස්සේ නිර්මාණය වුවත් මෙහි ඇති විශේෂත්වය වන්නෙ මෙම ගීතය සරත් දසනායකගෙ ස්වතන්ත්‍ර තනුවකට ගායනා කර තිබිමය.

දිය පොදක් වෙමින් තොල් වියැලෙන් පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් වුනා මල් නොපිපුන තඩාගෙට
ඔබ අගෙයි ලඳෙ හෙට අදටත් වඩා මට

අරුත් සුන් වදන් පවසන ගිරව් දොඩමළු
හෙටත් නඟපුදෙන් ඔය කිචි බිචිය සුලු සුලු
තිගැස්සි සනින් ඔබ විය යුතුද බිය ගුලු
දකින්නට ලැබේ අපටත් සිසිල අරුනළු

ඔබෙ පිය වදන් ගෙන දෙන සහන සිතුවිලි
අරන් එයි පෙරා අපමණ සුවය සැනසිලි
සුගන්ධය ලැගුම් ගෙන ඇත අවට වෙලි වෙලි
මගෙ රන්මලි කුමටද සලෙන සළුපිලි

ගායනය-එච්.ආර්.ජෝතිපාල
පද රචනය-කරුණරත්න අබේසේකර
තනුව-සරත් දසනායක

මුල් පද පේලි හතරෙන් තරුණයාගෙ නිදැල්ලෙ ගත් වෙමින් තිබු ජීවිතය තරුණිය මුණගැසිමත් සමඟම වෙනස් වු ආකාරයත් ඔහුට ඇය පිලිබඳ ඇති අපෙක්ෂාවත් විශද කරයි.
දිය පොදක් වෙමින් තොල් වියැලෙන් පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් වුනා මල් නොපිපුන තඩාගෙට
ඔබ අගෙයි ලඳෙ හෙට අදටත් වඩා මට

දෙවැනි පද පෙල රචකයා තුල පවතින ප්‍රතිභාව මැනවින් විශද කරයි.බොහො විට තරුණයා හ තරුණිය සමාජ මට්ටම් දෙකක බව පෙනේ.එම නිසා ඔවුන්ට එරෙහිව විවිධ කට කතා පැතිරෙයි.එය රචකය දක්වා ඇත්තෙ මෙසේයි.
අරුත් සුන් වදන් පවසන ගිරව් දොඩමළු
හෙටත් නඟපුදෙන් ඔය කිචි බිචිය සුලු සුලු

නමුත් එවාට බිය නොවන්නයයි තරුණය ඉල්ලා සිටින අතර ඔවුන්ට නුදුරෙදි එක් වීමට හැකි වනු ඇතයිද පවසා සිටිනවා.
තිගැස්සි සනින් ඔබ විය යුතුද බිය ගුලු
දකින්නට ලැබේ අපටත් සිසිල අරුනළු

අවසන් පද පේලි තුලින් අපෙගෙ අනුමානය නිවැරදි බව පසක් වෙනවා.එනම් තරුණිය දිලිදු කතක් වුවත් ඇයගෙ ඇසුර ඔහුට අප්‍රමාණ සැනසිල්ලක් ගෙන දෙන බවත්ය.

ඔබෙ පිය වදන් ගෙන දෙන සහන සිතුවිලි
අරන් එයි පෙරා අපමණ සුවය සැනසිලි
සුගන්ධය ලැගුම් ගෙන ඇත අවට වෙලි වෙලි
මගෙ රන්මලි කුමටද සලෙන සළුපිලි

සිරි බුද්ධගයා විහාරේ -රුක්මණි දේවි සහ එච්.ඩබ්.රූපසිංහ

දවසෙ සුභාවිත ගීතය...
~ඉදිරිපත් කිරීම ලකිඳු අෂාන් පීරිස්~


අපේ මෙම වෙබ් සඟරාවෙ එක් අරමුණක් තමයි ශ්‍රි ලාංකේය සුභාවිත ගීතයෙ ප්‍රගමනයට දායක වු අප අතරින් නැසි ගිය කලාකරුවන් සිහි කැදවීම.ඒ අරමුණ ඔස්සේ අද මම ඉදිරිපත් කරන්නෙ අදින් හරියටම වසර 33කට පෙර එනම් 1977 .ඔක්.28 මෙලොවින් තුරන් වු සිංහල සිනමාවෙ නටන්න,ගයන්න සහ රඟන්න 3ටම දක්ෂ සිංහල සින්මාවෙ නිළි රැජින රුක්මණි දෙවිය ගැයු ගීතයක්.මෙය ගායනා වි ඇත්තෙ 1937 දී එච්.එම්.වී තැටියකට.මෙය ඇයගෙ පලමු ගීතය වන අතර ඇය මෙය ගායනා කර ඇත්තෙ වයස 13දී.

සිරි බුද්ධගයා විහාරේ වදිනෙමු මොක්ෂ පතලා//
ශාක්‍ය තිලෝනා වැඩ සිටි එදිනා
මරංගනන් පරදාලා

ශ්‍රී මහා බෝධි ලෙස සැදි ඒ විදු රජු ඒ මුනි රාජා//

ආ දස බිම්බර මාර සේනා පෙරුම් බලින් පරදාලා

ප්‍රාතිහාර්ය පැ දස බලධාරි
ජයබිම මේ විසාලා
ශාසන ආලෙ ඇති ලෝ වාසි
බව දුක නසනා සේ

වදිනේ ශ්‍රි මෝක්ෂ පතාලා

ගායනය-රුක්මණි දේවි සහ එච්.ඩබ්.රූපසිංහ
තනුව-එච්.ඩබ්.රූපසිංහ

මෙම ගීතය රචකයා නිශ්චිත නැ.නමුත් බොහො දුරට සී.වීරසේකරගෙ බව නිගමනය කල හැකියි.
40,50 දශකයේ රචනා සියලුම බුදු ගුන ගීත වල යම කිසි ආවේණික ලක්ෂණයක් දකින්න පුලුවන්.එය තමයි එම සැම ගීතයකටම වස්තු විෂය වන්නෙ බුදු රදුන්ගෙ මහ බල මහිමය.
නමුත් එය 60,70 දශකය වෙන විට මෙම ආකෘතිය වෙනස් වෙනවා.එය මම පසු දිනෙක නිදසුන් සමඟ දක්වන්නම්.

සමකෝණී ත්රිකෝණයකි – දයාරත්න රණතුංග

දවසෙ සුභාවිත ගීතය...
~ඉදිරිපත් කිරීම ලකිඳු අෂාන් පීරිස්~


සිංහල ගීතයෙ ගණිත ගැටලුව මෙමෙ ගීතය ලෙස හදුන්වන්න පුලුවන්.තුන් කොන් ප්රේමයක් රචකය ත්රිකෝණමිතිය උපයොගි කරගෙන වර්ණනා කර අති ආකරය අපුරුයි...

සමකෝණී ත්රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක හිටියා
නෙත් හතරක පහස ලබා
මම මේ මුල්ලේ හිටියා

ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි
දෙදෙනාටම මාත් හිතයි
ත්රිකෝණයේ පාද සමයි

සමච්ඡේදනය කරලා
දෙන්නට බෑ පෙම බෙදලා
අපි තුන්මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා

පද රචනය -සමන් චන්ද්රනාත් වීරසිංහ
සංගීතය හා ගායනය – දයාරත්න රණතුංග

මෙම ගීතයත් සමගම මාගේ මත්කයට එන තවත් ගීත 2 ක් තියෙනව.එ තමා මිල්ටන් මල්ලාවරච්චි ගායන කරනා මට මෙන් ඔහුටද කදුල ඔබයි සහ සනත් නන්දසිරි ගායන කරන වරදක් කලත් සිතකින් නොවෙ යන ගීත දෙක. මේ ගීත් දෙකෙත් වස්තු විෂය අපි නුදුරු දිනයක ලබ දෙන්නම්. මේ ගීත් දෙකෙත් වස්තු විෂය අපි නුදුරු දිනයක ලබා දෙන්නම්.

”සමකෝණී ත්රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක හිටියා
නෙත් හතරක පහස ලබා
මම මේ මුල්ලේ සිටියා
රසිකයා තුළ සැබැවින් ම ත්රිකෝණයක සංකල්ප රූපයක් ජනිත කිරීමට රචකයා උත්සාහ කරයි

”ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි
දෙදෙනාටම මාත් හිතයි
ත්රිකෝණයේ පාද සමයි...”

තරුනයාට තරුනියන් දෙදනාම අත් හරිමට නොහැක. තරුනයාට තරුනියන් දෙදනාම අත් හරිමට නොහැක.ඔහු තරුනියන් දෙදනාටම එක ලෙස ප්රෙම කරනවා.ඔහුට ඔවුන්ව අත් හරිමට අති ලෝභය මෙමෙ පද තුලින් විශද කරනවා.

”සමච්ඡේදනය කරලා
දෙන්නට බෑ පෙම බෙදලා
අපි තුන්මුල්ලට ම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා”

මේ තරුණයා බොළඳ ප්රේමය වුවද අවබීධයෙන් විඳින්නකු බව පැහැදිලි වෙයි. ත්රිකෝණයක් නම් සමච්ඡේදනය කොට දෙපසට සමබර ව බෙදා දැක්විය හැකිය. එහෙත් ආදරය බෙදා දිය නොහැකිය. බෙදිය හැකි වුණත් සම සම ව බෙදිය නොහැකි ය. මේ ආදරය ද එසේ බෙදන්නට හැකි ය. එහෙත් එය සමබර නොවන බව ඔහු දනී. තමා අසල නිතර ගැවසෙන එක පන්තියේ එකට ඉගෙනගන්නා මේ යුවතියන්ට එබඳු චපල ආදරයක් පිදීමට ඔහු සූදානම් නැත. ඒ නිසා හිතවත්කම් පළුදු කරගැනීම වෙනුවට මේ ආකාරයෙන්ම පැවැතීම වඩා යහපත් බව ඔහුගේ නිගමනයයි.
”අපි තුන් මුල්ලට ම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා”